රැළිවල හූ කිවීම පසුපස හිටපු ජනපතිනියක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන රැළිවලට සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හූ කිවීම පසුපස හිටපු ජනපතිනියක් සිටින බවට සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් මෙසේ හූ කියන පිරිස හඳුනාගෙන ඇති බවත් ඒ එකම පිරිසක් බවත් ඔහු පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එය නිවරදි කිරීමට කටයුතු කරන බවත් ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙය වළක්වන ලෙසට උපදෙස් දී ඇති බවත්ය.

Exit mobile version