Home දේශීය පුවත් GMOA විසි වැදෑරුම් යෝජනාවලිය මද්දුමබණ්ඩාරට භාරදෙයි

GMOA විසි වැදෑරුම් යෝජනාවලිය මද්දුමබණ්ඩාරට භාරදෙයි

0
GMOA විසි වැදෑරුම් යෝජනාවලිය මද්දුමබණ්ඩාරට භාරදෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සකස් කරන ලද විසි වැදෑරුම් යෝජනාවලිය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත භාරදී තිබේ.

ඊයේ පස්වරුවේ එම සංගමයේ විධායක සභාවේ සාමාජිකයින් විසින් එම යෝජනාවලිය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවේය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉතාමත් ඵලදායි යෝජනා ඉදිරිපත් කර ඇති බව ඒ සම්බන්දයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී ඒ මහතා හමුවී සිය විසි වැදෑරුම් යෝජනාවලිය ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version