ජනපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාව දෙන්න නියෝග

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයින්ට උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපතිතුමා නියෝග කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්විය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට මෙම නියෝගය සිදු කරන ලද බව ය.

Exit mobile version