Home දේශීය පුවත් ඇවන්ගාඩ් සභාපති අද හවසට විශේෂ මහාධිකරණය හමුවට

ඇවන්ගාඩ් සභාපති අද හවසට විශේෂ මහාධිකරණය හමුවට

0
ඇවන්ගාඩ් සභාපති අද හවසට විශේෂ මහාධිකරණය හමුවට

සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද(17) අළුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ති‍බේ.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

සිංගප්පූරුවේ රෝහලක  ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ගාඩ් හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අළුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම උල්ලංඝණය කිරීම මතයි.

එමෙන්ම ඇවන්ගාඩ් සිද්ධියට අදාළව කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුවකට ද නිශ්ශංක සේනාධිපති මහතා අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version