Home දේශීය පුවත් හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

0

සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව විෂ්කම්භය මිලිමිටර් 70 ට අඩු හක්බෙල්ලන් 148 ක් සෙයා ගත් බව නාවික හමුදාව පැවසීය.

නාවික බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන අරිප්පු ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

මෙම හක්බෙල්ලන් තොගය විකිණිම සඳහා සුදානම් කර තිබියදි නාවික හමුදා බරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයා සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version