Home දේශීය පුවත් දකුණු සහ ගිණිකොන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දකුණු සහ ගිණිකොන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

0
දකුණු සහ ගිණිකොන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දිවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70-80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද පස්වරුව දක්වා මෙම තත්ත්වය පැවතිය හැකි බව ය.

ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මේ අතර දකුණු සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් එක් දින සහ කුඩා ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වැළකී සිටීම වඩා සුදුසු බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version