රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වු ජනතාවට කූඩාරම් වෙනුවට තාවකාලික නිවාස

රත්නපුර දිස්ත්‍රික්කයේ හදිසි ආපදාවන්ට ලක්වූ ප්‍රජාව සඳහා මෙතෙක් භාවිතා කල කූඩාරම් වෙනුවට තාවකාලික නිවාස ඉදිකිරීමට සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) කටයුතු කරයි. කූඩාරම්වල පැවැත්ම සහ අව් වැසිවලින් සිදුවන පීඩාව සලකා බලා එම සංවිධානය මගින් මෙම පියවර ගෙන ඇත.
ආපදාවට ලක්වූ ප්‍රජාව වෙත රජය මගින් ලබා දෙන භූමියෙහි මෙලෙස මෙම තාවකාලික නිවාස ඉදිකර ඇති  අතර එක් නිවසක් සඳහා එම සංවිධානය වැය කරන මුළු මුදල රුපියල් එක් ලක්ෂ පනස්දහසකි. මෙම පියවර යටතේ මේවන විට නිවාස 59ක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා මූල්‍යාධාර කැනේඩියානු රජය මගින් ලබා දේ. දැනට ඉන් නිවාස 10ක් ඉදිකර ජනතාව වෙත ලබා දී ඇත. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ මුද්දුව, හපුගස්තැන්න, අළුපොල සහ හෙට්ටිකන්ද යන ප්‍රදේශවලය.
Exit mobile version