නිළ ඇඳුම් වවුචර් සිසුන් අතට නොදී ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය පියවර

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිළ ඇඳුම් වවුචර් සිසුන් අතට ලබානොදී ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අධ්‍යාපන කලාප කිහිපයක වවුචර් වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිළ ඇඳුම් වවුචර්වල වෙළදුන් සඳහා වෙන් කර ඇති තීරුවක පාසල් සංවර්ධන සමිතියක නිළ මුද්‍රාව යෙදීම සම්බන්ධයෙන් පසුගිය දා වාර්තා පළ වී තිබුණි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සදහන්ය.

Exit mobile version