දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී ඊසාන දිග මෝසම් තත්ත්වයක්

අද (18) නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්තාපිත වේ යැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විටින් විට හමන (පැ.කිමී. 50ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයින පුරාම වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇතිවිය හැක.

Exit mobile version