පූජිත් හා හේමසිරි යළි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන මස 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

ඇප නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් මස 09 දා බන්ධනාගාර භාරයට පත් කර ඇත.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළේය.

Exit mobile version