Home දේශීය පුවත් අපට තියෙන්නේ ඉතා සුළු ජිවිත කාලයක් – පාඨලී

අපට තියෙන්නේ ඉතා සුළු ජිවිත කාලයක් – පාඨලී

0
අපට තියෙන්නේ ඉතා සුළු ජිවිත කාලයක් – පාඨලී

සෑම කෙනෙකුටම  සමාජ සාධාරණත්වය ඉටුවන ආර්ථික වැඩපිළිවලක් නව රජය තුළින් ගෙන එන බව, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ ඊයේ (22) කොළඹ මහජන පුස්තකාලයේදී පැවති රතු තරු ජනබලය සංවිධානයේ සමග පැවති හමුවකට එක්වෙමිනි.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වු, එම පක්ෂයේ සමාජිකයින්ගෙන් සමන්විත රතු තරු ජනබලය සංවිධානයේ හාරසිය දෙනෙකු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්ව සිටියහ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක මහතා,

“මේ රටේ තරුණයින් ජීවිත පුජාකරන්න, සමාජවාදී ලෝකයක් හදන්න යොමුවී තමන්ගේ ජීවිතයත් අන් අයගේ ජීවිතයත් නසාගත යුතු නැහැ. අපට තියෙන්නේ ඉතා සුළු ජිවිත කාලයක්.

අපි කැරලි ගහලා විප්ලව කරලා මේ රට හදන්න උත්සහ කල යුතු නැහැ. ලෝක විප්ලව කරන්න යොමුවිය යුතු නැහැ. අපි අපේ  ජිවිත කාලය තුළ මනුස්ස ප‍්‍රජාවට යම් මෙහෙවරක් කර, මේ ජන ජීවිත වෙනස් කරන්න වැඩකටයුතු සිදුකළ යුතු බව මගේ විශ්වාසය.

අද ජනතා විමුක්ති පෙරමුණට දරදිය අදින්නන්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා. මේ ජීවිත නිර්ධන පන්තියේ ජීවිත නෙමෙයි. මුදල් නැති නිසා සමෘද්ධිය, ජනසවිය ගන්න ආපු පිරිසක් නෙමෙයි.

මේ පිරිස දේශපාලන අවබෝධය සහිත පිරිසක්. දේශපාලන දැක්මක් සහිත පිරිසක්. මේ පිරිස අනාගතය සදහා මේ රට ගොඩනගන පිරිසක් බවට අපි පරිවර්තනය කරගත යුතුයි. මේ ලොකේ වමේ ව්‍යාපාර, විප්ලවකාරී ව්‍යාපාර තමන්ගේ දිශානතිය, දර්ශනය වෙනස්කර ගනිමින් විශාල මෙහෙවරක් ඒ රටවල් වලට කළා. හැමදාම විපක්ෂයේ සිට විවේකයින් ලෙසින් පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු සමග සිටිය යුතු නැහැ. රාජ්‍ය බලය පාලනය කරන පිරිස බවට පත්විය යුතුයි.

ඒ සදහා නිර්භීතව අප කටයුතු කළ යුතුයි. ඒ සදහා තිබෙන මග නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ සතුයි. අධිරාජ්‍යය වාදය, නව ලිබරල් වාදය අද ලෝකයේ වලංගු නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ පවා අද තිබෙන්නේ ආරක්ෂණ වාදය.

එංගලන්තයේ ප‍්‍රතිපත්තිය බිතාන්‍යයක් හදන්නේ අනිත් රටවල් වලින් වෙන්වු ගමනක් යන්න. ඉතාලියේ, ප‍්‍රංශය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල නව දේශපාලන ව්‍යාපාරයන් ආරම්භවෙලා තිබෙනවා. පෑගෙන පොඩිවෙන මිනිසුන් ඉදිරියට ගැනීමේ නව දේශපාලන ව්‍යාපාරයන් ආරම්භවෙලා තියනවා.

මේ නව ආණ්ඩුවේ නව  ලිබරල් ප‍්‍රතිපත්ති නැහැ. තිබෙන්නේ වැඩකරන  මේ රටේ කුලයෙන් හෝ කුමන හෝ සාධකයකින් පීඩිත ජනතාවට, අවමානයට පත්වු ජනතාවට සමාජ ගරුත්වයේ මාවතක් ලබාදෙන සමාජ සාධාරණත්වය වෙනුවෙන් යුතු  ආර්ථික සමාජ වැඩපිළිවලක්. අපි කිසිදු අවස්ථාවක මිනිස් නිදහස පාගා දමන්නේ නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version