2020 පළමු කාර්තුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුම අද(23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30 සිට සවස 06.30 දක්වා පාර්ලිමේන්තුව  රුස්වීමටත්, හෙට(24) පාර්ලිමේන්තුව රැස් නොවීමටත් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Exit mobile version