ප්‍රහාරයට අදාළ විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ගැන සජීවි මාධ්‍ය හමුවක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විසිතරයක් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ඉදිරිපත් කරයි.

පාස්කු ඉරුදින එනම් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අද (23) ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අදාළ කාරණා සම්බන්ධයෙන් විධිමත්ව සොයා බැලීමට යම් කාලයක් ගත වු බැවින් යම් ප්‍රමාදයක් වු බවත් විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙය භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එයට යම් කාලයක් ගත වු බවත් ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version