මෙන්න අද කාලගුණ තත්ත්වය

අද දිනයේදී විශේෂයෙන් බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ.

බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම පළාතෙත් අනුරාධපුර, අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version