ඉතාලියේ දී සිදු වු රිය අනතුරකින් ලාංකිකයෙක් මිය යයි

ඉතාලියේ, වෙරෝනා නගරයේ බර්දොලිනෝ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇත.

මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්. නිශාන් ජංයග (41) නම් තිදරු පියෙකි.

ඔහු ඉතාලියේ කුරියර් සේවාවක සේවය කරමින් සිට ඇත.

තමන් විසින් පදවා ගෙන පැමිණ ඇති වාහනය නවත්වා එහි තිබූ භාණ්ඩ කීපයක් ඉවතට ගනිමින් සිට ඇත.

නවතා තිබූ රථයේ අත් තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා එය පසුපසට ධාවනය වී ඇත.

ඒ අනුව තමන් පැදවා ගෙන පැමිණි රථයටම යටවී ඔහු මිය ගොස් ඇති බව ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයින් සඳහන් කර ඇත.

මියගොස් ඇති අය වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version