මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ලබන 8 වන දා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.
ඒ සඳහා පරීක්ෂණ මණ්ඩල 1295ක් පත් කර ඇති බව ඔහු පැවසුවේය
ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.