යතුරුපැදි අනතුරකින් කතක් මරුට

මහනුවර පොලිස් වසමේ දෙවන රාජසිංහ මාවත අතුරු මාර්ගයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු හා පසු පස ගමන්ගත් කාන්තාවක් බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් වු පේරාදෙණිය පාර, මහනුවර ලිපිනයේ පදිංචි කාන්තාවකි.

මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version