තරුණ පරපුර වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව සජිත් කියයි

මෙරට තුළට විදේශිය ආයෝජන ගලා ඒමට හැකිවන පරිදි නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුරුණෑගල පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

නව තාක්ෂණය තරුණ පරපුරට ලබාදීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version