සජිත්ගෙන් රටේ දිළිඳුභාවයට තිරසාර විසඳුමක්

රටේ දිළිඳුභාවයට තිරසාර විසඳුමක් ලෙස සමෘද්ධි සහනාධාරයට අමතරව ජන සවි සහනාධාරයද ජනතාවට ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හලාවත ප්‍රෙද්ශයේ ඊයේ(27) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළි මාලාවේ තවත් රැළියක් ඊයේ පැවැත්වුණේ හලාවත බස් නැවතුම්පොළේදීයි.

ඔක්තෝබර් 16 පසු නිර්මාණය වන ආණ්ඩුව නව නායකත්වයක් ඔස්සේ අළුත් ගමනක් යන බව ජනාධිපතිධුර අපේක්ෂකවරයා සඳහන් කළේය.

තමා ඇතුළු පිරිස විසින් නිර්මාණය කරනු ලබන්නේ සුපිරිසිදු, හොරකම් මැරකසම් නොකරන ආණ්ඩුවක් බව  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අතර රටේ දුප්පත්කම නැති කිරීම සඳහ දැවන්ත මෙහෙවරක් ඉටුකරන බවත් රටේ ඇති දුප්පත්කමට තිරසර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

Exit mobile version