සජිත් මරණීය දණ්ඩනය ලබා දෙන්න සූදානම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි.

බත්තරමුල්ලේදී ඊයේ(28) පැවති හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

මේ වන විට තොරතුර තාක්ෂණ විශේෂඥයින් 2,00,000ක් රටට අවශ්‍ය බවත් එහෙත් මේ මොහොත වන විට රට තුළ තොරතුර තාක්ෂණ විශේෂඥයින් සිටින්නේ 1,24,000ක් බව අජිත් පි පෙරේරා මහතා සඳහන් කළේය.

මේ රටේ අනාගතය රදා පවතින්නේ තොරතුරු තාක්ෂණය පදනම් කර ගනිමින් බවත් ඒ නිසා රටේ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය දියුණු කිරීම සඳහා පමණක් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් බිලියන 10ක ආයෝජනයක් කිරීමට සූදානම් බව ඒ මහතා සඳහන් කළේය.

අජිත් පි පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, රට ඉදිරියට ගෙන යා හැකි ඉදිරි දැක්මක් ඇති එකම නායකයා ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවයි.

Exit mobile version