ඉදිරියේදි ජල බිල්පත් නිවසේදීම ගෙවන්න පුළුවන්

ඉදිරියේදී සියලුම ජල බිල්පත් නිවසේදීම ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම් ඇති කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ජල මනු සටහන්කරුවන් ජල බිල්පත ලබාදුන් මොහොතේදීම මෙම ගෙවීම සිදුකළ හැකි බවත්, මීට අමතරව ජල විසන්ධි කිරීමකට පැමිණෙන නිලධාරීන්ට අදාළ මුදල මෙම පහසුකම් යටතේ ගෙවා ජල විසන්ධි කිරීම වළක්වාගැනීමටත් හැකි බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

මීට අමතරව ජංගම දුරකථන අංකවලට SMS පණිවුඩයක් මගින් ජල විසන්ධි කිරීමට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීමට හා පවතින හිඟ මුදල් සහ මනු සටහන්කරු ලබාගන්නා දත්තවලට අනුව මාසික ජලබිල පිළිබඳවද මෙම ක්‍රමය යටතේ පාරිභෝගිකයාට ලබාදීමට සැලසුම් කර තිබේ.

නව ජල සම්බන්ධතා ලබාගැනීමට ගෙවිය යුතු සියලුම මුදල් ජල බිල්පත් ගෙවන ආකාරයටම ඕනෑම බැංකු ශාඛාවකට ගෙවීමේ පහසුකම් ඇති කිරීමට සැලසුම් කර ඇතැයිද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Exit mobile version