හෙරොයින් ලඟ තබාගත් වරදට දෙදරු පියෙකුට මරණ දඬුවම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 9.06 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 38 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබිය.
කොළඹ රාජගිරිය, බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි සුසන්ත ප්‍රියජනක කොස්තා නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම වී තිබේ.
2017 වසරේ මැයි මස 17 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 9.06 සමඟ මෙම විත්තිකරු අත්අඩංගු ගෙන තිබුණි.
ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා තීන්දු කළේය.
Exit mobile version