ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව පරාජය කිරිමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
ගෝඨාභය මහතා බරපතළයි ඔහු පැමිණියොත් රට විනාශ වෙන බවට තවත් කතාවක් ගොඩනැඟු බවත් පැවසු ඒ මහතා, ගෝඨාභය ඒකාධිපතියෙක් යැයි පවසමින් ඔහු පැරදවීමට “ගෝඨා පැරදවීමට හැකි කෙනාට ඡන්දය දෙමු“ යනුවෙන් මතයක් ගොඩ නගා ඇතැයි ද පැවසීය.