පරිපූරක, අතුරු වෛද්‍ය සේවා දිවයින පුරා හදිසි වැඩවර්ජනයක

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 6 ක් සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 15 ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (30) දින දිවයින පුරා වර්ජනයක් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සමඟ 2015 වර්ෂයේ සිට සාකච්ඡා කර එකඟතාවය ලබා ගත් ඉල්ලීම් බොහෝමයක් ක්‍රියාත්මක කිරීම හිතා මතාම ප්‍රමාද කිරීම සහ ඉතා අසීරුවෙන් ක්‍රියාත්මක කර ගත් සමහර ඉල්ලීම් පරිපාලනමය වශයෙන් ආපස්සට හැරවීමත් රෝහල් පරිපාලනය විසින් විසඳා ගත යුතු සමහර ගැටළු වෘත්තීය සමිති ගැටුම් දක්වා වර්ධනය කර ඒවා නොවිසඳීමත් හේතු කොට ගනිමින් අද උදෑසන 8.00 සිට හදිසි වැඩවර්ජනයක් කැඳවීමට තීරණය කර ඇත.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සියළු මාතෘ රෝහල්, සියළු ළමා රෝහල් හා සියළු පිළිකා රොහල් තුල ක්‍රියාත්මක නොකෙරේ.

Exit mobile version