Home දේශීය පුවත් මත්ද්‍රව්‍ය බෙදාහරින අයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

මත්ද්‍රව්‍ය බෙදාහරින අයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

0
මත්ද්‍රව්‍ය බෙදාහරින අයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (29) දින මැදවච්චිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මැදවච්චිය නගරය ආශ්‍රිතව සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඔහු පරික්‍ෂාවට ලක් කර ඇත.

එහිදී එම පුද්ගලයා ලඟ තිබි කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කේරළ ගංජා විකිණිම සඳහා රැගෙන යමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු වයස අවුරුදු  46 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ කේරළ ගංජා ග්‍රෑම් 100 ක ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version