හම්බන්තොට සහ මාතර පාසල් අදත් වැසේ

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අද (31)  දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.

අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර සහ නායයාම් අවදානම් තත්වය තවමත් පැවතීම හේතුවෙන් තවදුරටත් එම පාසල් වසා තැබීමට ආණ්ඩුකාරවරයා තීරණය කොට ඇත.

Exit mobile version