ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේ ගිවිසුමට අද අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද (31) සිදුකරයි.

අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ මෙම ගිවිසුම අස්සන් කිරීම සිදුවෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිතව තිබේ.

Exit mobile version