ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම සිදු කර තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිතයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවී ඇත.

Exit mobile version