මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල මැතිවරණ කටයුතු සඳහා අයුතු ලෙස භාවිත කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වහාන, පළාත් පාලන ආයතන සතු වාහාන හා වෙනත් උපකරණ බඩු බාහිරාදිය සහ කාර්යය මණ්ඩලය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සහ දේශපාලන පක්ෂ, අපේක්ෂක රැස්වීම්, ප්‍රචාරක පෝස්ටර්, පා ගමන්, අත් පත්‍රිකා බෙදීම් යනාදියට රාජ්‍ය සේවකයින් යොදා ගැනීම වැනි නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එවැනි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී එය සනාථ වුවහොත් එම ක්‍රියා මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩ කිරීමක් ලෙස සලකා අදාල පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට හා එම ආයතනවල පරිපාලන භාර නිලධාරින්ට එරෙහිව ක්‍රියා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Exit mobile version