මැතිවරණ පැමිණිලි 2800 දක්වා ඉහළ යයි

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2800 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පසුගිය මස 8 වනදා සිට ඊයේ දිනය දක්වා පැමිණිලි 2867 ක් ලැබී ඇති බවයි එම කොමිසම සදහන් කළේ.

මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2748 ක්, ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පැමිණිලි 24 ක් සහ වෙනත් පැමිණිලි 95 ක්ද එම පැමිණිලි අතර වන බව සඳහන් වෙයි.

මේ අතර ඊයේ පස්වරු 04.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පැමිණිලි 97 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

Exit mobile version