අපි ආණ්ඩුවකුත් හදනවා – දුමින්ද

නොවැම්බර් 16 දා ලබන ජග්‍රහනය තුළ රටේ අනාගතය තීරණය වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ(05) පැවති ජනහමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පැවසීය.

“නොවැම්බර් 16 දා ගහන්නේ එක කතිරයයි. හැබැයි ජයග්‍රහණ දෙකයි. ජනාධිපති කෙනෙකුත් අපි හදනවා. අපි ආණ්ඩුවකුත් හදනවා. එහෙනම් අපිට ගමට සංවර්ධනය ගේන්න පුළුවන් කම ලැබෙනවා යළි වතාවක්.

ඒ නිසා අපි හැමෝම විජයග්‍රණ කොටස්කරුවන් බවට පත්වෙන් කියලා අපි ආරධනා කරනවා. ඒ නිසා අමුතුවෙන් කියන් දෙයක් නෑ. මේ ඉතුරු දවස් ටිකේ අපි මේක මහන්සි වෙමු. අපි එකට වැඩ කරමු. අපි විශ්වාසවන්තව වැඩ කරමු.

මොකද ඉදිරියේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ඒ ජයග්‍රණය වියග්‍රණය  කිරීම තමයි අපි හැමොගේම අනාගතය. අපේ රටේ අනාගතය. අපි හැමෝගේම අනාගතය තියෙන්නේ ඒ ජයග්‍රණයත් සමඟ. ඒ ජයග්‍රණය විජග්‍රණය කරන්න අපි හැමෝම එතුවෙන් කියලා මතක් කරනවා“

Exit mobile version