ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ අද(20) වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.
අධික වර්ෂාවත් සමගම සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලේ ඔයේ ජලය පරිහරණය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
Exit mobile version