ගෝඨා වෙනුවෙන් මව් රටට පැමිණෙන විදෙස් ශ්‍රම්කයන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඊයේ (10) මෙන්ම අදත් (11) විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණියේය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සහය පළකිරීමට කුවේට්හි සේවය කරන විදෙස් ගත ශ්‍රමිකයින් 65 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

එහිදි කුවේට් සිට පැමිණි ශ්‍රීරන්ත ගුරුසිංහ මහතා පැවසුවේ සිය රැයාවද නොතකා ඡන්දය භාවිතා කිරීම සඳහා මෙරටට පැමිනියේ රට රැකගැනීමට අවශ්‍ය නිසා බවයි.

ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට පැමිනි බවයි.

එමෙන්ම කුවේට් සිට පැමිණි මාරි විලියම්ස් මහත්මිය පැවසුවේ ඉතිහාසයේ පළමු වතාවට දේශපානල මැතිවරණයක් හේතුවෙන් විදේස්ගත ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

මේ අතර ඊයේත් ස්පාඤ්ඤයේ සිට පිරිසක් මෙරටට පැමිණියේ.

එහිදි අදහස් දැක්වු ස්පාඤ්ඤයේ සිට පැමිණි ගයාන් කනිෂ්ක දහනායක මහතා පැවසුවේ සිය පියා සහ මුත්තණුවන් එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද මෙම අවස්තාවේදි දේශපාලන පක්ෂ පාට නොතකා රට රැක ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය භාවිතා කිරීමට මව් රටට පැමිනි බවයි.

Exit mobile version