අදත් සවස් කාලයේ තදවැසි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 1.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර මෙන්ම කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන සිහින් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීඳුම් සහිත තත්ත්වයක් පවතියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Exit mobile version