ජනපති සමාව ඉල්ලා වැලිකඩ සිරකරුවන් තවදුරටත් විරෝධතාවයේ

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් සිව් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග පසුගිය 11 වනදා ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති සමාව ලබාදීමට විරෝධය පල කරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වෙයි.

ඔවුන් පවසන්නේ රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති දුන්නේනම් තමන්ට ද ජනාධිපති සමාව හිමිවිය යුතු බවයි.

Exit mobile version