ගෝඩා බැරල් සමඟ සැකකරුවෙක් වැලිසර දී අල්ලයි

රාගම පොලිස් වසමේ වැලිසර ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බැරල් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වු වැලිසර රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (13) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version