මැතිවරණ පැමිණිලි 3700 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3700 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ඒ අනුව පසුගිය මස 8 වනදා සිට ඊයේ දිනය දක්වා පැමිණිලි 3729ක් ලැබී ඇති බවයි කොමිශන් සභාව පෙන්වා දෙන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 27ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 3596ක් ඒ අතර වන බව සඳහන්.

ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 102ක් ලැබී ඇති අතර එම සියළු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බවයි මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ.

Exit mobile version