බස් රථයකට ගල් ප්‍රහාරයක් – 3 දෙනෙක් රෝහලට

හලාවත, බංගදෙනිය, ලුනුඔය ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයකට ඊයේ (13) රාත්‍රියේ එල්ල වූ ගල් ප්‍රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන් අතර යුද හමුදා නිලධාරියෙකු හා කාන්තාවක් ද වෙයි.

මේ ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරු මේ පිළිබඳව හලාවත පොලීසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය පිළිබඳව හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version