ජනපතිවරණයට ගම්බිම් යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා

ජනාධිපතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අතිරේක බස්රථ 150 කට අධික ප්‍රමාණයක් යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සමාන්‍යාධිකාරී ආර්. ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට දුරගමන් සේවා සඳහා අදාළ බස් රථ යොදවා ඇති බවයි.

මගී අවශ්‍යතා අනුව තවදුරටත් බස්රථ යෙදවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර බදුල්ල – කොටුව අතර විශේෂ දුම්රිය දෙකක් යොදවා තිබේ.

දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, දෛනික සේවා නියමිත පරිදි ක්‍රියාත්මක බවයි.

මගී අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් අතිරේක දුම්රිය යෙදවීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Exit mobile version