ඉන්දියා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

ඉන්දු-බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 150ක් පමණයි.

ඊයේ දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 86ක් රැස් කර ගෙන සිටියේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු මොහොමඩ් ෂාමි ලකුණු 27කට කඩුලු 3ක් සහ ඉෂාන්ත් ෂර්මා ලකුණු 20 කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණි.

Exit mobile version