දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%ක් දක්වා ඉහළට

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද (16) පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පවති.

ඒ අනුව අද පසුවරු 2වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම දිස්ත්‍රික්ක පිළිවෙලින්,

සියයට 70ක් දක්වා පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.

සියයට 60ක් දක්වා ත්‍රිකුණාමළය, කුරුණෑගල, කොළඹ යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.

එමෙන්ම සියයට 65ක් දක්වා පුත්තලම, ගම්පහ, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය සියයට 67ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version