ශ්‍රී ලංකා – ඉන්දීයා දෙවන විස්සයි20 තරගය අද

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පෙරේදා කටක් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 93කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල අද (22) ඉන්ඩෝර් හී දී දෙවැනි තරගයට එක්වෙයි.

මෙවර සංචාරය තුළ ටෙස්ට් සහ එක්දින තරගමාලා ද්විත්වයම පරාජයට පත්වූ බැවින් විස්සයි20 තරගාවලියේ පරාජයෙන් බේරීමට සිදුවන අද තරගය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරගයක් බවට පත්වී තිබේ.

තිසර පෙරේරාගේ නායකත්වය යටතේ අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතය.

Exit mobile version