2018 වසරේ ලෝක පාපන්දු කුසලානය ප්‍රථම සංචාරය ශ්‍රී ලංකාවටයි

2018 වසරේදී රුසියාවේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරගාවලියේ කුසලානය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම සඳහා රටවල් 54ක සංචාරය කරයි.

ඒ අතරින් මෙවර කුසලානය සංචාරය කෙරෙන ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

ලෝක පාපන්දු කුසලානය 2018 ජනවාරි 23 වන දින පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. අනතුරුව ලෝක පාපන්දු කුසලානය ජනාධිපති වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව අැත.

Exit mobile version