දුම්රිය දෙපාර්තමේන්තුවේ විභාග දෙකක් කල් යයි

දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ඉල්ලීම පරිදි පහත සඳහන් විභාග දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2017 හෙට (23) දා පැවැත්වීමට දින නියම වී තිබුණද එම විභාගය කල් දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2016 (2017) විභාගය කල් දමා ඇති බවද සඳහන් කරයි.

Exit mobile version