මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට

බදුල්ල පොලිස් වසමේ වේවැල්හින්න ප්‍රදේශයේ දී අද (18) අළුයම කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදු වී ඇත.

අනතුරෙන් කාර් රථයේ රියදුරු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වු බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදු කරයි.

Exit mobile version