බීඩි කොළ තොගයක් සමඟ 4ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (18) අළුයම මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1620 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මීගමුවට ඔබ්බේන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරික්ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී පර්සල් 54 ක අසුරා තිබු මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇත. එහිදී අදාල යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් අවුරුදු 32, 52, 58 සහ 63 වන වියෙහි පසුවන ශ්‍රී ලාංකීක පුද්ගලයින් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ටෝලර් යාත්‍රාව සහ බිඩී කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ, වරාය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version