Home දේශීය පුවත් එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය හෙට

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය හෙට

0
එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය හෙට
එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් හෙට(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ(18) පස්වරුවේ රැස් වූ අතර එහිදි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිවරයා සමඟ සිදුකරන සාකච්ඡාවලින් අනතුරුව හෙට දිනයේ දි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වි යළි අවසන් තීරණයකට පැමිණීමට නියමිතව තිබේ.

ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

මේ අතර නව තරුණ නායකත්වයක් යටතේ අලුත් සංවිධානයකින් ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version