කොළඹ වරායේ හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

නැගෙනහිර පර්යන්තයේ නවතා තිබු බඩු බාමින් සිටි නැවක දොඹකරයේ දම්වැල් කැඩී එක් සේවකයෙකුගේ හිසේ වැදී බරපතළ තුවාල සිදුව තිබේ.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

‍අනතුරින් මිය‍ගොස් ඇත්තේ ඇල්දෙනිය, කඩවත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුළුපොත වාඩිය ගෙදර, ප්‍රියන්ත ගුණතුංග යන අයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට බාර දී ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version