Home විදෙස් පුවත් පිලිපීන වෙරළේ මගීන් 251ක් රැගත් යාත්‍රාවක් පෙරළේ

පිලිපීන වෙරළේ මගීන් 251ක් රැගත් යාත්‍රාවක් පෙරළේ

0
පිලිපීන වෙරළේ මගීන් 251ක් රැගත් යාත්‍රාවක් පෙරළේ

අයහපත් කාලගුණය හේතුවෙන් මගීන් දෙසිය පනස් එක් දෙනෙකු රැගෙන නැගෙනහිර පිලිපීන වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක් පෙරලී ඇතැයි වෙරළාරක්ෂක හමුදාව පවසයි. ප්‍රදේශයේ බෝට්ටු මගින් මේ වනවිට කිහිප දෙනෙකු බේරාගෙන ඇතැයි වාර්තාවල දැක්වේ.

අනතුරට ලක් වූ පිරිස බේරාගැනීම සඳහා ප්‍රදේශය වෙත පිටත්කර යවනු ලැබූ බෝට්ටු සහ හෙලිකොප්ටර් යානාවලට අයහපත් කාලගුණය මගින් බාධා පැමිණ තිබේ.

ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගැනීමට හැකිව තිබෙන නමුත් සිව් දෙනෙකුගේ මළ සිරුරු ද හමු වී අැති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version