යතුරුපැදියක් අලියෙකුගේ ගැටීමෙන් කුඩා දැරියක් ජිවිතක්ෂයට

මහඔය, මාදුරුඔය ජලාශය ආසන්නයේ අද (19) උදෑසන යතුරුපැදියක් අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාල යතුරුපැදිය අරලගංවිල දෙසට ධාවනය වී ඇති අතර එහිදී එය මාර්ගය අසල සිටි අලියෙකුගේ ගැටීමෙන් පෙරලී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු සහ කුඩා දැරියක් තුවාල ලබා මහ ඔය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 8 හැවිරිදි අම්පාර, උහන  ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක බව පොලිසිය පවසයි.

මෘත ශරීරය මහ ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර මහ ඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version